2026 ජූලි 29 බදාදා, 07:44
නවතම පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දින කිහිපයක සිට බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතී.

එමෙන්ම බදුල්ල, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නාය යෑම් විමසිලිමත් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 178.1කි.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වැසි ඇදහැලීමත් සමග මේවන විට මාතර නිල්වලා ගඟ පිටාර ගලමින් පවතී.

අකුරැස්ස – පිටබැද්දර මාර්ගය පානදුගමින් ජලයෙන් යටවීමෙන් ගම්මාන රැසක ජනතාවගේ ගමනා ගමනයට බාධා එල්ලවී තිබේ.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ම ජලගැලීම් වාර්තා විය.

ලේනබටුව වැව පිටාර දැමීමෙන් අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය ලේනබටුව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

පොල්අතුමෝදර ඔය පිටාර ගැලීමෙන් වැලිගම කනන්කේ ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව ඇත.

උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකටද තද වැසි ඇදහැලෙමින් පවතින පසුබිමක, ඇළ මාර්ග පිටාර ගැලීමෙන් මාර්ග ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇත.

මේ අතර උතුරු මැද පළාතට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවාතකර තිබේ.

වැසි සමග වත්තල හැමිල්ටන් ඇළෙහි ජල මට්ටම ඉහළයාමත් සමග බෝපිටිය කොළඹ 275 ප්‍රධාන මාර්ගයේ ඇලකන්ද, අලුත් අක්කරය, මැදපාලම ප්‍රදේශ ජලයෙන් යටවීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories