ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කිරීම අවසන් වීමෙන් පසුව ඡන්ද පෙට්ටි විනිවිද පෙනෙන බෑගයක දමා අගුළු දමා සුරක්ෂිතව ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට නිලධාරීන්ට උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටියම ගණන් කරන මධ්‍යස්ථානවලට රැගෙන විත් භාර දෙන්නේ ද යන්න පිළිබඳව සමහර දේශපාලනඥයන් තුළ සැකයක් ඇති බවට සිදුකර ඇති ප්‍රකාශ අනුව එම සැකය දුරු කිරීමට මෙම පියවර ගත් බවද එහි සඳහන් වෙයි. ඡන්දපළේ සිට ගණන් කරන ශාලා පරිශ්‍රය ආසන්න පොලිස් මුරපළ දක්වා ඡන්ද පෙට්ටිය රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට වාහනයකින් පැමිණීමට අවශ්‍ය යැයි ඉල්ලීමක් කළහොත් ඊට ඉඩ දීමටද තීරණය කර ඇතැයි කොමිසම පවසයි