වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කර තිබේ.
විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (2) දිවුරුම් දී ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර එය ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇති බව ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.