2026 ජූලි 29 බදාදා, 09:04
නවතම පුවත්

‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය ව්‍යවස්ථාව කඩලා’- කෝප් කමිටුවේදී රෙදි ගැලවේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වී ඇත.
එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවූ අවස්ථාවේ කරුණු හෙළි වූ අතර වහා ම එකී සියලු චක්‍රලේඛ අවලංගු කරන ලෙසට කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර එම කාර්යාංශයට නියෝග කළේ ය.
නිවැරැදි ලෙස කටයුතු නොකළ විදේශ රැකියා ඒජන්සි පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර එසේ නිවැරැදිව කටයුතු කර නැති විදේශ රැකියා ඒජන්සි වහා ම ආයතනයෙන් ඉවත් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේ ය.

පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටු සභාපතිවරයා සහ කමිටුවේ මන්ත්‍රිවරු එම කාර්යාංශ නිලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළහ.
විදේශ රටවලට රැකියා සඳහා පිටව ගිය අය පිළිබඳව ඇතැම් නිවැරැදි දත්ත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොමැති බවට මෙහිදී කරුණු හෙළිවූ අතර ඒ පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට එල්ල විය.

එම කාර්යාංශ නිලධාරීන් කෝප් කමිටුවට ඉදිරිපත් කළ ඇතැම් දත්ත පිළිබඳවද මෙහිදී ගැටලු මතුවූ අතර නිවැරැදි දත්ත ඉදිරිපත් නොකළ බවට තහවුරු වුවහොත් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද කමිටුවට එම නිලධාරීන් කැඳවන බවට කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.
විදෙස්ගතවූවන් පිළිබඳව හා කාර්යාංශයට අදාළ කාරණා පිළිබඳව අසන ලද පැනයකදී එහි සාමාන්‍යාධිකාරිවරයා ‘තම ලැප්ටොප් පරිගණකය ගෙනාවේ නැතැයි’ පැවැසූ අවස්ථාවේ කෝප් කමිටු සාමාජික අසිත නිරෝෂණ මන්ත්‍රිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ඔහු ලක්විය.

‘මහත්තයෝ මේක ‘කෝප්’ කමිටුව ඉදිරියේ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා’ මේ ස්ථානයට එද්දී සියලු දේ අරගෙන එන්න යනුවෙන් දැඩි ලෙස පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මුළුමනින් ම එම ආයතනයේ වගකීම් පැහැරහැර ඇති බවද එම කාර්යාංශය සිදුකර ඇත්තේ මිනිස් ජාවාරම බව ද කෝප් කමිටු මන්ත්‍රිවරු මෙහිදී දැඩි අප්‍රසාදයකින් එම කාර්යාංශ නිලධාරීන්ට පැවැසූහ.

එම නිසා එම කාර්යාංශයේ වැරැදි තීන්දු තීරණ ගත් අය පිළිබඳව වහාම විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී නියෝග කළේ ය.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තම කාර්යභාරය පැහැරහැර ඇති බවද මෙහිදී කෝප් කමිටු මන්ත්‍රිවරු පැවැසූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories