2026 ජූලි 31 සිකුරාදා, 11:04
නවතම පුවත්

සයි­රන් නළා ගස­මින් ගිය සැප රියේ ගංජා

ප්‍රභූ­ව­ර­යකු මෙන් සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක සයි­රන් නළා නාද කර­මින් එම වාහ­නයේ වී.අයි.පී. විදුලි පහන් දල්වා­ගෙන ගමන් කළ අයෙක් පොලිස් අණ නොතකා යද්දී කහ­වත්ත පොලි­සියේ නිල­ධා­රි­යකු ඔහු පසු­පස ලුහු­බැඳ ගොස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර එහි දී වාහ­නය තුළ තිබී ගංජා සහ තහ­නම් පිහි­යක්ද අත්අ­ඩං­ගු­වට ගත් බව කහ­වත්ත පොලි­සිය පව­සයි.
 බීමත්ව සිටි මෙම පුද්ග­ලයා මෙල්ල කර ගැනී­මට ඔහු පසු පස ලුහු­බැඳ ගිය පොලිස් නිල­ධා­රියා විසින් පසුව තවත් පොලිස් නිල­ධා­රි­ය­කුගේ සහාය ලබා­ගෙන තිබිණි. පෙරේදා (14) දා උදෑ­සන දහ­යට පමණ මෙම පුද්ග­ලයා ඔහුගේ සුපිරි වාහ­නය රත්න­පුර දෙසින් කහ­වත්ත නග­රය පසු­කර වැල්ල­දුර දෙසට ධාව­නය කරද්දී තනි­වම රාජ­කා­රි­යට යමින් සිටි කහ­වත්ත පොලි­සියේ රථ වාහන අංශයේ නිල­ධා­රි­යකු ගමන් කළ යතුරු පැදි­යද පසු­කර ගෙන ගොස් තිබිණි.

එම වාහ­නය වැල්ල­දුර ප්‍රදේ­ශයේ නවතා ඇති අතර පොලිස් නිල­ධා­රියා එම ප්‍රදේ­ශයේ රාජ­කාරි කරද්දී යළිත් සැක­කරු ඔහුගේ වාහ­නය අධික වේග­යෙන් අප­රි­ක්ෂා­කාරි ලෙස ධාව­නය කර ඇති අතර සය­රන් නළා නාද කර­මින් එලෙස ධාව­නය කර­මින් තවත් වාහන කිහි­ප­ය­කට අප­රී­ක්ෂා­කාරී ලෙස ඉස්සර කළ නිසා නව­ත්වන ලෙස පොලිස් නිල­ධා­රියා නියෝග කළද එය නොස­ලකා හැර ඉදි­රි­යට ධාව­නය කර තිබේ.

ඒ අව­ස්ථා­වදි රථ වාහන පොලිස් නිල­ධා­රියා ඔහුගේ යතුරු පැදි­යෙන් සැක­කරු ලුහු­බැඳ ඇතැ­යිද සැක­කරු රත්න­පුර ඇඹි­ලි­පි­ටිය ප්‍රධාන මාර්ගයේ සිට වැල්ල­දුර අරු­ක්මුල්ල අතුරු මාර්ග­යට වාහ­නය හරවා ධාව­නය කර ඇතැ­යිද පොලි­සිය පව­සයි. එම ප්‍රදේ­ශයේ සුසාන භූමි පාරේ වාහ­නය නවතා ඇති අතර ඒ අව­ස්ථා­වේදී ඔහු ලුහු­බැඳ ගිය පොලිස් නිල­ධා­රි­යාද එතැ­නට පැමිණ තිබේ.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යෑමේ දී ඔහු පොලිස් නිල­ධා­රි­යාට බාධා කර­මින් හැසි­රීම නිසා ඔහු පාල­නය කර ගැනී­මට තවත් පොලිස් නිල­ධා­රි­යකු ද කැඳ­වී­මට සිදු විය. සැක­කරු කහ­වත්ත මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­යට යොමු කළ විට ඔහු බීමත්ව සිටි බව හෙළි වූ බව පොලි­සිය පව­සයි. ගංජා ගෑම් එක­සිය පහක්ද රම්බෝ පිහි­යක්ද සැක­කරු ළඟ තිබී අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව පොලි­සිය පව­සයි. කහ­වත්ත පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කරු­ණා­රත්න මහ­තාගේ සහ රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති එම්.ඩී.යූ. ප්‍රේම­නාත් මහ­ත්ව­රුන්ගේ මෙ‍ෙහ­ය­වී­මෙන් පරී­ක්ෂණ සිදු කෙරේ. කහ­වත්ත පොලි­සියේ රථ­වා­හන අංශයේ සැර­යන් (75240) දිනේෂ් මහතා සැක­කරු ලුහු­බැඳ ගොස් ඇති අතර සැර­යන් රත්න මහතා ද පරී­ක්ෂණ සඳහා එක්වූහ.

අප­රි­ක්ෂා­කාරි ලෙස රිය පැද­වීම, බීම­තින් රිය පැද­වීම ගංජා ළඟ තබා­ගෙන සිටීම සහ තහ­නම් ආයු­ධ­යක් ළඟ තඹා­ගෙන සිටීම සම්බ­න්ධව සැක­කරු පැල්ම­ඬුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.
(කහ­වත්ත – නිරෝ­ෂණ පෙරේරා)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories