2026 ජූලි 29 බදාදා, 03:40
නවතම පුවත්

භූ කම්පනයේ මරණ 1000 ඉක්මවයි

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබේ.අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවයි.

මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය ලෙසය.හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටින බව වාර්තා වේ.

භූ කම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයට දැඩි හානි සිදුව ඇත.එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ. මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට නගරයේ ගොඩගැසී ඇති අතර, තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිස්හට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ රෝහල්වලින් පිටත තබා ගෙනය.ඊයේ පස්වරුවේ දී සිදුවූ ප්‍රධාන භූකම්පනයෙන් පසුව අද උදෑසන කාලය දක්වා මියන්මාරයට පසුකම්පන 14කින් ද බලපෑම් එල්ල වී ඇත.කෙසේ වුවද මියන්මාරයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තොරතුරු යාවත්කාලීන වීම ප්‍රමාදවන අතර, මුදා ගැනීමේ මෙහෙයුම් ද දැඩි අභියෝගකාරී වී ඇතැයි සඳහන් වේ.

ඒ අනුව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී තිබේ.මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය වූ මියන්මාරයේ සගයින් නගරයේ සිට කිලෝමීටර දහසකටත් අධික දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී තිබුණි.ඒ හේතුවෙන් බැංකොක් නුවර ඉදිවෙමින් පැවති මහල් 30කින් යුතු රජයේ ගොඩනැගිල්ලක් කඩාවැටුණු අතර, එහි කම්කරුවන් සියයකට ආසන්න  ප්‍රමාණයක් සුන්බුන් අතර සිරවූහ.

කෙසේ නමුත් භූ කම්පනයේ බලපෑමෙන් තායිලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති මරණ ගණන 10කි.මෙම භූකම්පනයේ පසුකම්පන අවධානම මත බැංකොක් නුවර රෝහල්වල සිටි පිරිස් ද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතරවාරයේ ගැබිණි මවක් බැංකොක් නුවර වීථියක දී දරුවෙකුට ප්‍රසූත කර තිබේ.

මේ අතර මියන්මාර භූ කම්පනය චීනයේ නිරත දිග යුනාන් පළාතට ද දැනී තිබේ.

එමෙන්ම ඉන්දියාවේ කොල්කටා සහ මනිපූර් වෙතත්, වියට්නාමයේ සහ බංග්ලාදේශයේ ඇතැම් පෙදෙස් වෙතත් භූකම්පනයේ බලපෑම් දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories