2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:24
නවතම පුවත්

ගම්මන්පිලගේ දෙවැනි පාස්කු හෙළිදරව්වත් රජය ප්‍රතික්ෂේප කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දෙවැනි පාස්කු හෙළිදරව්ව තුළින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ව ඉලක්ක කර ඇති බව පැහැදිලි වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ, චැනල් 4 නාලිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බවය.

පරීක්ෂණයක් සිදුනොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බව ද පැවසු අමාත්‍යවරයා, කිසිවිටෙකත් එවැනි ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව සිදුනොකරන බව ද පැවසීය.

ප්‍රශ්නය – ඔබතුමා ගම්මන්පිල මහත්තයා විසින් යොමුකළ පළමු වාර්තාව පිළිගන්නේ නෑ කිව්වා. දෙවැනි වාර්තාව පිළිගන්නවා ද ?

“ගම්මන්පිල මහත්තයාගේ උවමනාව හරිම පැහැදිලියි. එතුමා ඉලක්ක කරගන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන්ව. ඒ වගේම එතුමා උත්සාහ කරනවා හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා ඒ අය මේකට සම්බන්ධ නෑ කියලා. ඒක තමා ඔය චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහතාගේ මුලිකත්වයෙන් කරපු වාර්තාව. ඒ වාර්තාවේ අවසානයේ ඔහු කියන්න හදන්නේ ඒකනේ… අපි බලමු. ඔබ පරීක්ෂණ එක එක්කෙනා කියන ඒවා නෙමෙයි. රජයක් විදියට අපි මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරනවා ඒ විමර්ශනයෙන් පස්සේ, කොතැනද හරි…කොතැනද වැරදි… කවුද වගඋත්තරකරුවෝ කියලා පැහැදිලිව අවසන් තීන්දු ගන්නවා. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ… කවුරු කලබල වුණත් අපි කලබල වෙන්නේ නෑ. මේ වාර්තා කලිනුත් කිව්වා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විශේෂ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් නෙමෙයි. නිකන්ම නිකන් ජනාධිපතිවරයාට තොරතුරු ගැනීම සඳහා පත්කරන ලද කමිටුවක්. ඒ කමිටුවට කිසිදු නිල බලයක් තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා මේ වාර්තාවල අඩංගු කරුණු පිළිගන්නේ නෑ. පැහැදිලිව කියනවා. ඒ නිසා චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කරපු කරුණු…”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories