2026 ජූලි 29 බදාදා, 03:24
නවතම පුවත්

ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නමැති අය සමග සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

අදාළ සැරයන්වරයා සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා, හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. CCTV කැමරා සමීප රූප පරීක්ෂා කිරීමේදී, සැරයන්වරයා අංක 03 සිර මැදිරියේ රඳවා සිටින නන්ද කුමාර් තක්ෂිට බිස්කට් ලබා දෙන බවත්, ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියාට ලබා දී ඇති බවත් අනාවරණය වී තිබේ.

ඉකුත් පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි සහ ඇයගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති මෙම සැකකාරිය වන නන්ද කුමාර් තක්ෂි ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුව දිවයිනට රැගෙන එනු ලැබීය.

ඉෂාරා සෙව්වන්දි සහ නන්ද කුමාර් තක්ෂි යන සැකකාරියන් දෙදෙනා මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories