2026 ජූලි 29 බදාදා, 09:04
නවතම පුවත්

වී වලට සහතික මිලක් ලබාදීම ගැන සතුටුයි – නාමල්

ප්‍රමාධ වී හෝ වීවලට සහතික මිලක් ලබාදීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව මන්ත්‍රි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 ) ප්‍රකාශ කළේය.

ආනයන හා අපනයන පාලන නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට සහභාගී වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

” ප්‍රමාධ වී හරි වීවලට මිලක් ලබාදීම ගැන මම සතුටු වෙනවා. නමුත් එය ප්‍රමාණවත් කියලා මම කියන්නේ නැහැ. වත්මන් ආණ්ඩුවේ එක් සටන් පාඨයක් තමයි වී මිල. ප්‍රමාද වී හරි රුපියල් 120ක් දීපු එක හොඳයි. වී මිල තීරණය කරන්න කාලයක් ගත්තා. ඒ නිසා මේ වෙනකොට වී අස්වැන්නෙන් කොටසක් විකුණල ඉවරයි. විපක්ෂයේ සිටියදී වගේ නෙවෙයි ආණ්ඩුවට ගියාම තීන්දු තීරණ ගන්න ප්‍රමාද වෙනවා මේ අයට. පසුගිය කාලේ වී මිල දී නොගැනීම වරදක්.මේ වෙලාවේ ජනතාව බලාගෙන ඉන්නේ කඩිනමින් වී මිලදී ගැනීම කරනතෙක්. ඒ නිසා ප්‍රමාදවී හරි වී මිල ගැන තීරණය කළා වගේ වී මිලදී ගැනීමත් සිදුකළ යුතුයි.

පසුගිය කාලේ වාහන ගැන කතා කළා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා කාලේ වාහන ආනයනය ගැන කතා කළා. නමුත් ඒ වෙලාවේ වත්මන් ආණ්ඩුව කිව්වා, රුපියල් ලක්ෂ 12 ක් වගේ මුදලකට වාහන ගන්න පුළුවන් විදිහට වටපිටාව සකස් කරනවා කියලා. ඒ වගේම අලුතින් ෆෝමියුලා එකක් හදනවා කියලත් කිව්වා. ලක්ෂ 12කටනම් වාහනයක් ගන්න පුළුවන් වෙයිද කියන ගැටලුව තිබෙනවා.

වී ගොවියා පීඩාවට පත් වුණා වගේම විරැකියාවට අද පිළියමක් නැහැ. ජනාධිපතිවරයා ගම් වලට යනවා. ඒක හොඳයි. වෛරයෙන් තොර සමාජයක් හදන්න හිතන මේ අය ගමට යන්නේ වෛරයක් හදන්න. ප්‍රශ්න කියන්න ගමට යන්නේ. මේ ප්‍රශ්න ජනතාව දන්නවා. ජනතාවට අවශ්‍ය විසඳුම්. වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතුයි “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories