ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (නොවැම්බර් 15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
නව සංශෝධිත උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ:
- ටූනා ටින් මාළු
- ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල: රුපියල් 165
- ශුද්ධ බර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල: රුපියල් 380
- මැකරල් ටින් මාළු
- ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල: රුපියල් 210
- ශුද්ධ බර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල: රුපියල් 480
- ජැක් මැකරල් ටින් මාළු
- ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල: රුපියල් 240
- ශුද්ධ බර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල: රුපියල් 560
මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළඳාම් කිරීම, වෙළඳාම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර ඇත.