2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 03:18
නවතම පුවත්

අර්චුනාට චෝදනා ගොනු කරන්නැයි අනුරාධපුර මහෙස්ත්‍රාත්ගෙන් නියෝග

වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාදී බලහත්කාරය පා වාහන නීති උල්ලංඝනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා නමැති අයට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙසට අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.කේ. ජයවීර මහතාට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (03) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඇප මත මුදා හැර සිටින, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන අයද ඊයේ දින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.

යාපනයේ සිට කොළඹ දක්වා අනුරාධපුර හරහා මෝටර් රථයක් පදවමින් සිටියදී අනුරාධපුර රඹෑව ඒ 20 මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා රථ වාහන නීති උල්ලංඝනය කරමින් බැන වැදුණු බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මෙලෙස හැසිරී ඇත්තේ, ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා රියැදුරු බලපත්‍රය සහ මෝටර් රථයේ අනිකුත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

සැකකරුගේ නමෙහි ඇති වූ පරස්පරතාවයක් අනුව නම සංශෝධනය කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය දැක්වූ කරුණු අනුව නඩුවේ සැකකරු ලෙස රාමනාදන් අර්චුනා බවට අධිකරණය පිළිගනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලාස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්.කේ. ජයවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා සමග නීතිඥ චතුරංග ගමගේ මහතා පෙනී සිටියේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories