අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණය දැනුම්දෙයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය දින 90ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (ඔක්තෝබර් 31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සම්බන්ධයෙන් සිදු කළ […]
ඇෆ්ගන් – පාකිස්තාන් දේශසීමා ගැටුම් විසඳා ගැනීමට සාකච්ඡා

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර උග්‍ර වී ඇති දේශසීමා ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් කටාර්හි දෝහා අගනුවර වෙත පිටත්ව ගොස් තිබේ. වසර ගණනාවක් පුරා පැවති මෙම දේශසීමා අර්බුදය මෑතකදී ගැටුම්කාරී වාතාවරණයක් දක්වා වර්ධනය වී ඇති අතර, ගත වූ දින කිහිපය තුළ සිදු වූ ප්‍රහාරවලින් දෙරටේම සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් ගණනාවක් මිය ගොස් […]
මේ වසර තුළ දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් !

පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාසගත වීමේ ගණන අඩු වී ඇති බව පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය සඳහන් කළේ, දැනට පරිවාස මධ්‍යස්ථානවල නව දාස් ගණනක් දරුවන් පමණක් සිටින බවත්, මේ සංඛ්‍යාව පෙර වසරවලට වඩා ගැටලුකාරී අයුරින් අඩු වී ඇති බවත්ය. ඇය මේ බව පැවසූයේ සෞඛ්‍ය ප්‍රවර්ධන […]
දරුවන්ට ශාරීරිකව පමණක් නොව වාචිකව දඬුවම් කිරීමත් වරදක් !

ගුරුවරුන්ට දරුවන්ට සද්භාවයෙන් දඬුවම් කිරීමට තිබූ අවස්ථාවන් ද අහිමි කරමින් දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත පිළිබඳ විවාදය හෙට (24) පැවැත්වීමට නියමිතය. මෙම සංශෝධනයට අනුව ශාරීරික දඬුවම් පමණක් නොව, වාචිකව කරන ප්‍රකාශ පවා අභියෝගයට ලක් කළ හැකි බවට අවධාරණය වේ. ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය පාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව […]
මනම්පේරිට නවාතැන් සැපයූ ලං.වී.ම. සේවකයෙකු අත්අඩංගුවට !

රැඳවුම් නියෝගයක් යටතේ විමර්ශනයට භාරව සිටින සම්පත් මනම්පේරිට නවාතැන් පහසුකම් සැපයූ බවට චෝදනා මත ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු කළුතර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබූ බැංකු කාඩ්පත් කිහිපයක්ද පරීක්ෂණ අරමුණු සඳහා භාරගත් බවයි.
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි

පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන අතර එලෙස සිදු කර ඇත්තේ 2022 පසුවය.ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.Takahiro Shiraishi යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති අතර ඔහු Twitter Killer ලෙස හැඳින්වෙන අතර, එවකට […]