2026 ජූලි 29 බදාදා, 14:43
නවතම පුවත්

මාලඹේ කුෂ් නේවාසිකාගාරයක් වටලයි.

මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ෆැන්ටසි ඇවනිව් හි දෙමහල් නිවසක ශීතාගාර තුළ පවත්වාගෙන ගිය කුෂ් නැමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

නිවසෙහි පහත මාලයේ කාමරයක් වායුසමීකරණය කර එහි තට්ටු කිහිපයකට රෝපණය කර තිබූ කුෂ් පැළ 60කට ආසන්න ප්‍රමාණයක් සහ එම නිවසේ ඉහළ මහලේ ශීතාගාරයක් තුළ පවත්වාගෙන ගිය තවත් කුෂ් පැළ සියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ඔවුන් සමත්ව ඇති බව සඳහන්.

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා රහසිගතව මෙම කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබෙන බව අනාවරණය වී තිබෙනවා.ඒ සඳහා අවශ්‍ය සියලුම දෑ විදේශයෙන් ආනයනය කොට මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ.

ලද තොරතුරකට අනුව උපාය දූතයන් යොදවා සිදුකළ විමර්ශනයකට පසු එම නිවස සෝදිසියකට පත් කර ඇති අතර වැටලීම සිදුවන විටත් සැකකරුවෙකු කුෂ් පැකට් කරමින් සිට ඇති බවත් බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම භාරව කටයුතු කරන මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු මෙම ජාවාරම සඳහා මුදල් ආයෝජනය කරන බවට අනාවරණය වී තිබෙනවා.පොලිස් භාරයට ගත් කුෂ් පැළවල වැඩිම උස ප්‍රමාණය අඩි හතරක්.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories