2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:34
නවතම පුවත්

ජුලි මාසයේදී අනිවාර්යයෙන්ම බස් ගාස්තු වැඩිවෙයි – ගැමුණු

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඉදිරි මාස දෙක තුළදී බස් ගාස්තුව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.

සභාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (01 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පෙට්‍රල් මිල මෙන්ම ඩීසල් මිල ද පහළ දැමීමට කටයුතු කර තිබුණේනම් බස් ගාස්තුව අඩුවීමේ වාසිය ජනතාවට ලබාගැනීමට අවස්ථාව පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා කියා සිටියේ මෙම තීරණයේ අවාසිය ඉදිරි කාලයේදී ආණ්ඩුව මත පැටවෙන බවත් ඉදිරියේදී වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුවන බව පෙන්වා දුන් හෙතෙම මෙහිදී කියා සිටියේ මෙවර කරුණු දොළහක් පදනම් කරගනිමින් වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට යාමට සිදුවන බැවින් නියත වශයෙන් බස් ගාස්තු වැඩිවීමක් සිදුවන බවයි.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපි බලාපොරොත්තු වුණා මේ එළඹෙන සිංහල අලුත් අවරුද්දේ ඩීසල් මිල අඩු කරයි කියලා.ඒ නිසා වගකීමෙන් මම කියන්නේ තව මාස දෙකයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම ජුලි අග වෙද්දී වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුවෙනවා.ඒ නිසා අඩුවීම කෙසේවෙතත් අනිවාර්යෙන්ම ජුලි මාසයේදී බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවෙයි.අපි මේකේ අවදානම සති දෙකකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා.අපි මේ ගැන ඍජුවම දැනුම්දුන්නා ඔහුට. කෙසේ වෙතත් බස් ගාස්තු වැඩිවීමකට අපිට යන්න වෙනවා. මේකට හේතුව තමයි අපි දිගින් දිගටම කිව්වා බස්රථවලට වැට් ආදේශ කරලා තියෙනවා. බස් රථයේ මිල වැඩිවෙලා තියෙනවා. ඒකත් එක්කම මේ දේවල්වලට සාපේක්ෂව සියලුම පිරිවැය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දැනටමත් ඩීසල්වලින් රුපියල් තුනක් පාඩුවට තමයි අපි බස් ධාවනය කරන්නේ. ජාතික ප්‍රතිපත්ති අනුව ගියපාර ඩීසල් රුපියල් තිස් ගණනකින් අඩු වුණාම අපි ඍජුවම බස් ගාස්තුව සියයට හතරකින් අඩු කළා. ඒ නිසා යම්කිසි පරස්පර විරෝධතාවක් තියෙනවා මේකෙත් කෙසේවෙතත් තව මාස දෙකක් යද්දි ජනතාවට මේ වැඩිවීමේ ප්‍රතිලාභය භුක්ති විඳින්න සිදුවේවි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories