2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:49
නවතම පුවත්

රක්ෂණ වන්දියක් ගන්න බිරිඳ මුහුදට තල්ලුකර මරාදැමූ අයෙක්ට මරණ දඬුවම

රක්ෂණ වන්දියක් ලබාගැනීම සඳහා තම බිරිඳ මුහුදට තල්ලුකර ඝාතනය කළ චීන ජාතිකයෙකු මරණ දඬුවම නියම කර ඇතැයි වර්තා වේ.

චීන ජනමාධ්‍ය වාර්තා කළේ 47 හැවිරිදි පුද්ගලයකුට එලෙස මරණ දණ්ඩනය නියම කර ඇති බවයි.

චීනයේ රාජ්‍ය මාධ්‍ය වන සීසීටීවී වාර්තා කර ඇති පරිදි, සිය ණය ගෙවාදැමීම සහ ඇසුරු කළ ගණිකාවන් සඳහා මුදල් පියවීම වෙනුවෙන් ඔහු රක්ෂණ වන්දිය ලබාගැනීමට සැලසුම් කර ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

එම චීන ජාතිකයා ලී නමැත්තකු බව ද චීන ජනමාධ්‍ය වාර්තා කර ඇත.

සීසීටීවී වාර්තා කරන පරිදි චීනයේ Liaoning Higher අධිකරණය මගින්, චේතනාන්විත මනුෂ්‍ය ඝාතන සඳහා අදාළ පුද්ගලයාට මරණ දඬුවම නියමකර තිබේ.

කෙසේවෙතත්, එම දඬුවම ක්‍රියාත්මක කර තිබේද යන්න චීන මාධ්‍ය වාර්තා කර නොමැත.

සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව, මෙම සිදුවීම 2021 මැයි 5 වන දින, ලියාඕනිං පළාතේ ඩලියන් සිට නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ යන්තායි දක්වා යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවකදී එම පුද්ගලයා සිය බිරිඳ මුහුදට තල්ලුකර තිබේ.

අනතුරුව විනාඩි 45 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව නිලධාරීන් එම කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත.

ඇයගේ මරණය දැනගත් ඇයගේ සැමියා එම අවස්ථාවේදී කම්පනයට පත්වී, අංශභාග තත්ත්වයෙන් බිම වාඩිවී සිටි බවක් පෙන්නුම් කර ඇති බව ද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories