ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ පහරදීමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා සිදුවූ මෙම සිද්ධියේදී මන්ත්රීවරයා සහ අදාළ පොලිස් නිලධාරියා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්රීවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය අද (22) දහවල් සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ අතර අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවීමට හෝ විනයානුකූල පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල ප්රකාශයක් නිකුත් කර නොමැත.