2026 ජූලි 29 බදාදා, 14:50
නවතම පුවත්

නවක වදය පිටු දැකීමට විශේෂ කාර්ය සාධක බළකායක්: උසස් අධ්‍යාපනයේ සුරක්ෂිත යුගයක් උදා වෙයි ද?

දිගු කලක් තිස්සේ උසස් අධ්‍යාපන ආයතන තුළ හොල්මන් කළ “නවක වදය” නම් අඳුරු සෙවනැල්ලට තිත තැබීමටත්, සියලු ආකාරයේ හිංසනයන් මුලිනුපුටා දැමීමටත් රජය තීරණාත්මක පියවරක් ගෙන තිබේ. විෂය භාර අමාත්‍යවරිය වන, ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ උපදෙස් පරිදි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් විශේෂ කාර්ය සාධක බළකායක් පත් කර ඇති බව වාර්තා වේ.

නවක වදයේ බිහිසුණු අත්දැකීම්, ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොව, ගුරු මණ්ඩලයට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද එල්ල වන විවිධ හිංසනයන් නවතාලීම මෙම කාර්ය සාධක බළකායේ ප්‍රධානතම අරමුණයි. ශිෂ්‍යයන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයකින් සිදුවන හිංසනයන් මෙහිදී ආවරණය කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, සියලු දෙනාටම බියෙන් තොරව අධ්‍යාපනය ලැබීමට හා සේවය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදී ප්‍රමුඛ වන බවයි.

මෙම අභිනවයෙන් පත් කළ කාර්ය සාධක බළකායට සාමාජිකයන් 16 දෙනෙකු ඇතුළත් වන අතර, ඉදිරියේදී ඔවුන්ගේ මෙහෙයවීම යටතේ විශ්ව විද්‍යාල මට්ටමින් මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ද විශේෂ ඒකක පිහිටුවීමට යෝජනා වී තිබේ. මෙම ඒකක හරහා, හිංසනයන්ට ලක්වන අයට පිහිට වීමටත්, එවැනි සිදුවීම් වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කෙරේ.

මෙම පියවර, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. ශිෂ්‍ය ප්‍රජාවට නිදහස් හා සුරක්ෂිත පරිසරයක ඉගෙනීමටත්, ගුරු භවතුන්ට හා සෙසු කාර්ය මණ්ඩලයට ගෞරවාන්විතව සේවය කිරීමටත් අවශ්‍ය පසුබිම මෙයින් නිර්මාණය වනු ඇතැයි විශ්වාස කෙරේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories