ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමට ගෙන ඇති තීරණය පක්ෂ ව්‍යවස්ථාව යළිත් වරක් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ලිපියක් යොමු කරමින් ඔහු මේ බව අවධාරණය කර ඇත. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග වැදුණු දයාසිරි ජයසේකර මහතා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.
පක්ෂයේ අභ්‍යන්තර තීරණ ගැනීම්වලදී ව්‍යවස්ථාපිත රීතීන් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ඔහු සිය දැඩි විරෝධය මෙම ලිපිය හරහා ප්‍රකාශ කර තිබේ.