2026 ජූලි 31 සිකුරාදා, 03:52
නවතම පුවත්

ජ’පුර ප්‍රදීප ප්‍රණාම විද්වත් අභිනන්දන උලෙළ හෙට

                                                                                                                                                                                                                                                                          ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රදීප ප්‍රණාම විද්වත් අභිනන්දන ‘උලෙළ 2025’ මාර්තු මස 27 වැනිදා වෝටර්ස් එජ් හිදී විශිෂ්ටත්වයට ගරු කිරීමේ දිනයක් වශයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම විශිෂ්ටතාව අභිනන්දනයේ ආරම්භය 2016 වසරේ දී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගයන් විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය හොබවූ කාලයේදී සිදු විය. 2016, 2017 හා 2018 වසරවල අඛණ්ඩව පැවැත් වූ මෙම සම්මාන උත්සවය, වර්ෂ 2020 දී රටේ ඇතිවූ අස්ථාවරත්වය හේතුවෙන් නවතා දැමීමට සිදු වුවද විද්‍යාර්ථීන්ගේ සංගමය, අපගේ අභිමානවත් වූ විද්‍යාර්ථී,සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත යළිත් මෙම උලෙළ සංවිධානය කිරීමට කටයුතු කළේය.

2009 සහ 2019 වසරවල විශ්වවිද්‍යාලයේ පිළිවෙළින් 50 වන සහ 60 වන සංවත්සර උලෙළවලදී ද මෙම සංවිධානාත්මක හැකියාවන් විශ්වවිද්‍යාල කළමනාකරණය විසින් අගයනු ලැබීය. 2008 වසරේ සිට ක්‍රියාත්මක වන විද්‍යාර්ථීන්ගේ මව් සංගමය, විද්වත් සංස්කෘතිය පුහුණු කරමින්, විශ්වවිද්‍යාලයෙන් සමාජගතව සමාජයට, රටට දැයට දායකත්වය දැක්වූ විද්වතුන් විශේෂයෙන්ම අගයයි.

1873 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන්ගේ පූර්ව පුණ්‍ය කාර්යයක් වන ‘විද්‍යෝදය පිරිවෙන’ 1959 දී වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින් විද්‍යෝදය විශ්වවිද්‍යාලය බවට පත්කෙරිණි. 1979 දී මෙරට පැවැති රජය මගින් එහි නාමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස වෙනස් කෙරුණි. අප එදා ශිෂ්‍ය සභාවේ නියෝජිතයන් ලෙස ඊට අකමැත්ත ප්‍රකාශ කරමින් විරෝධතා දැක්වුවද එම නාමය අද ලෝකය තුළ ප්‍රචලිතව කීර්තියට පත්ව ඇත. එදා සිට ‘විදුදය’ නාමය, විද්වත් පරම්පරාවේ ගෞරව සහිත නාමයක් ලෙස පැවතෙයි.

අති පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ පරමාදර්ශය අනුව යමින් අපගේ විද්‍යාර්ථී වූ විද්වතුන් ‘විවේචනශීලී, ගවේශණශීල, සත්‍යගරුක, යුක්ති ගරුක, ගුණගරුක, බුද්ධිමත් සහ ශිෂ්ට සම්පන්න’ ලෙස ගෞරවය හා කැපවීමේ යුක්ත වූවේ ය. විද්වත් අභිනන්දන 2025 උලෙළ ලෙස අර්ථ ගන්වමින්, විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේගේ සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාවේදී, විද්‍යෝදය – ජ’පුර එකමුතුවෙන් බිහි වූ රාජ්‍ය තනතුරු දරන විද්වතුන්, ප්‍රවීණ ව්‍යවසායකයන්, විධායකයන්, කලා හා සාහිත්‍ය විද්වතුන්, ක්‍රීඩා නායකයන්, විදේශ සේවකයන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන්, දේශපාලන නායකයන් සහ ආගමික මෙන්ම, සාමාජීය මෙහෙවරක නියුතු විද්වතුන් සම්මානයට පාත්‍ර වේ.

මෙම ’ප්‍රදීප ප්‍රණාම – 2025’ උලෙළ, ජ’පුර විද්‍යාර්ථීන්ගේ සහ විද්වත් පරම්පරාවේ ද උප කුලපතිතුමා හා සියලුම පීඨාධිපතිවරු ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද අභිමානයට හා කැපවීමට ලක්වූ විද්‍යර්ථීන් සැම ද සංගමයේ විධායක නිලමඬුල්ලේ මෙම විශිෂ්ට සේවාව ඉටුකළ සැම හා අනුශාසකවරු ද ගෞරවයෙන් සැමරීමක් වශයෙන්, මෙය විශ්වවිද්‍යාල ප්‍රජාවට විශිෂ්ට අවස්ථාවක් ද වනු ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories