ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින් විනිවිඳභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කර ගනිමින් මෙම ජාතික තීරුබදු ප්‍රතිපත්තියට 2024 ජුනි 11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුලින් අනුමැතිය ලබා දී තිබුණි.
පසුව සිදු කරනු ලැබ ඇති රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන්ට අනුව, ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනාගෙන තිබුණි.
ඒ අනුව, එම සංශෝධනයන් මත පදනම්ව ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.