2026 මැයි 15 සිකුරාදා, 13:45
නවතම පුවත්

2026 නව වසරට අගමැතිනියගෙන් සුබ පැතුම්

උදාවූ 2026 නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ, ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින් නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව අනාගතය වෙත පියවර තැබිය යුතු බවයි. නව වසරේ ආරම්භයත් සමඟ ජනතාව වෙත පණිවුඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කළාය.

ගෙවී ගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, පසුගිය වසර තුළ මෙරට නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට පදනම වැටුණු බව අවධාරණය කරයි. විශේෂයෙන්ම රාජ්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමටත් රජය ගත් උත්සාහයන් සාර්ථක වූ බව ඇය සිය පණිවුඩය මඟින් පෙන්වා දෙයි.

පසුගිය වසරේ ඇති වූ විවිධ ව්‍යසන තත්ත්වයන් හේතුවෙන් ජන ජීවිතයට එල්ල වූ බලපෑම් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය. එම අභියෝග හමුවේ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ සහ ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ගේ සිත් සුවපත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව 2026 වසරේ කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

රටක් ලෙස පොදු අරමුණු ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, උදාවූ නව වසර සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වසරක් වේවායි ප්‍රාර්ථනා කර සිටියි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories