2026 ජූලි 29 බදාදා, 02:22
නවතම පුවත්

මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද

මියන්මාරයේ හමුදා පාලනය 2021 වසරේදී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන ප්‍රථම මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) ආරම්භ වේ. දේශපාලනික වශයෙන් දැඩි අර්බුදකාරී වටපිටාවක පැවැත්වෙන මෙම මැතිවරණය මියන්මාරයේ අනාගත ගමන්මඟ තීරණය කරන තීරණාත්මක සාධකයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඡන්ද විමසීම අදියර තුනක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එය ලබන වසරේ ජනවාරි මස 25 වනදා දක්වා දීර්ඝ කාලයක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. රට තුළ පවතින ආරක්ෂක තත්ත්වයන් සලකා බලමින් මෙලෙස අදියර කිහිපයකින් මැතිවරණය පැවැත්වීමට හමුදා පාලනය තීරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම මැතිවරණය පවත්වනු ලබන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් විසුරුවා හැර, ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයින් සිරගත කර ඇති පසුබිමකය. එමෙන්ම රට පුරා පවතින සිවිල් යුද්ධය හමුවේ මෙවර මැතිවරණයේදී සමස්ත ඡන්දදායකයින්ගෙන් අඩක් පමණ සිය ඡන්දය භාවිත කිරීමට ඉදිරිපත් නොවනු ඇති බව විදෙස් දේශපාලන විචාරකයින් මත පළ කරති.

හමුදා පාලනයට එල්ල වන ජාත්‍යන්තර සහ දේශීය විරෝධය හමුවේ මෙතෙක් කල් දමමින් සිටි මෙම මැතිවරණය, සිය පාලන බලය නීත්‍යානුකූලව තහවුරු කරගැනීමේ උපායමාර්ගයක් ලෙස හමුදා රජය විසින් භාවිත කරනු ලබන බව ද විචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. මැතිවරණයේ ප්‍රතිඵල කෙසේ වුවත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා මෙයින් කෙතරම් දුරට අවස්ථාව සැලසෙන්නේද යන්න පිළිබඳව ලෝක ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories