2026 ජූලි 25 සෙනසුරාදා, 16:09
නවතම පුවත්

විගණකාධිපති පුටුව තවමත් හිස්: විගණන නිලධාරීන්ගේ වැටුප් සහ ඉන්ධන දීමනා අර්බුදයක

මාසයකට ආසන්න කාලයක් තිස්සේ විගණකාධිපති තනතුර පුරප්පාඩුව පැවතීම හේතුවෙන් ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය හා පරිපාලන කටයුතු බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. ආයතන ප්‍රධානියෙකු නොමැති වීම නිසා නව වසරට අදාළ මූල්‍ය බලතල බෙදා දීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් විගණන කාර්යාලයේ සේවය කරන 2000 කට අධික සේවක පිරිසගේ ජනවාරි මාසයේ වැටුප් ගෙවීමේ කටයුතු පවා අවදානමකට ලක්ව තිබේ.

විගණකාධිපතිවරයා නොමැති වීම නිසා ආයතනයේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. විශේෂයෙන්ම විගණන කටයුතු සඳහා යොදා ගන්නා වාහන 30 කට අධික සංඛ්‍යාවකට ඉන්ධන නිකුත් කිරීමේ සිට සියලු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ ගැටලු පැන නැගී ඇති බව එම කාර්යාලය පෙන්වා දෙයි. පවතින තත්ත්වය පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කිරීමට නියෝජ්‍ය විගණකාධිපති (පාලන) ඕෂාන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජාතික විගණන කාර්යාලය විසින් ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත ලිපි කිහිපයක්ම යොමු කර ඇති අතර, ඊයේ (06) දිනයේදී ද ජනාධිපති ලේකම්වරයා වෙත යළිත් ලිපියක් යොමු කරමින් මෙම මූල්‍ය අර්බුදය පිළිබඳව අනතුරු අඟවා ඇත. රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යන ප්‍රධානතම ආයතනයේ ප්‍රධානියා පත් කිරීම ප්‍රමාද වීම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයටම බලපෑමක් විය හැකි බව විචාරකයෝ පවසති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories