2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 10:40
නවතම පුවත්

පොල් හිඟයට හේතුව රුහුණු සරසවිය කියයි

මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.

එමෙන්ම මෙරට වාර්ෂිකව වගාකරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70කින් පමණ අඩුවීමද මීට හේතුවී ඇති බව ඔහු පෙන්වා දෙයි.

“කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිළා ගහනය ක්ෂණිකව වැඩි වුණාද කියලා සලකා බලන්න වෙනවා. පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩිවීමක් වුණේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහනය වැඩි වෙනවා. මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා. පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ centigrade 27,28 වගේ උෂ්ණත්වයක්. නමුත් මේක centigrade 33ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා.”

අද දෙරණ මාද්‍ය ජාලයට ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ, ලෝකයේ වැඩිම පොල් පරිභෝජනයක් සහිත රට ශ්‍රී ලංකාව වන අතර පුද්ගලයෙකු වසරකට පොල්ගෙඩි 114ක් පරිභෝජනය කරන බවය.

ඉදිරියේදී ඇතිවිය හැකි පොල් හිඟය අවම කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැහැදිලි කළේය.

“කෙටි කාලීන පියවරක් ලෙස සත්ව ගහනය පාලකය කරන්නම වෙනවා. ඒ වගේම දැනට තිබෙන පොල් අස්වැන්න වැඩි කරන්න පුළුවන් පියවර අපි ගන්න ඕනේ. අනාගතය දිහා බලලා පොල් පැල සිටුවීම වැඩි කරන්න ඕනේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories