උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37 දෙනෙකු සිට ඇති අතර, රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර තිබේ.