2026 ජූලි 31 සිකුරාදා, 22:06
නවතම පුවත්

සිලින්ඩරයේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කංචනට!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය
රවී කරුණානායක ගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය ගැනීමට එක්සත් ජාතික පක්ෂය අද කටයුතු කරන බව එහි සභාපති වජිර අබේවර්ධන පවසයි.

ඔහු පැවසුවේ පක්ෂ මහලේකම්වරිය ගත් මෙම තීරණය සම්බන්ධව පක්ෂයේ කිසිවෙකුද නොදැනුවත්ව සිටි බවය.

එමෙන්ම ලැබුණු මන්ත්‍රීධුර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තලතා අතුකෝරලත් පොදුජන පෙරමුණෙන් කංචන විජේසේකරත් පත් කිරීමට යෝජනා වූ බවද ඔහු පවසයි.

“ප්‍රධාන වශයෙන් ඒ කාරණය ගැන අද එක්සත් ජාතික පක්ෂයේ අපේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අනෙකුත් දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් තිබුණා. ඒ සාකච්ඡා කරමින් තිබෙන අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය නොදැනුවත්ව එතුමාගේ නම සිලින්ඩරේ හිමි දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් කළා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා.

එතකොට ඒක ගැසට් නිවේදනයට යැව්වායි කියලා අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. පක්ෂය හැටියට අපි කල්පනා කලේ මේ නියෝජනයට එක්කෝ තලතා අතුකෝරල මැතිනිය යවන්න. ඒ පිළිබඳ සාකච්ඡා කරමින් තිබුණේ. ඒ ගැන නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මෙවැනි කාරණයක් සිදුවෙලා තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය හැටියට ගත්තොත් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ 3/3 වගන්තියේ සහ 3/4 වගන්තියේ සහ 9/7 වගන්තියේ සහ 13/7 සහ 13/8 වගන්ති උල්ලංඝනය වීමකුයි සිදුවෙලා තියෙන්නේ”
සභාපතිවරයා පැවසිය.

කේසේ වෙතත් රවී කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකට නම් කර එම ගැසට් නිවේදනයද නිකුත් කොට අවසන් ය.

අනෙක් මන්ත්‍රී ධුරය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැද පරාජයට පත්වු කාංචන විජේසේකර මහතා පත් කිරිමට මේවන විට තිරණය කොට ඇතිබව විශ්වාසවන්ත ආරංච් මාර්ග පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories