යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් ළමුන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක් සහ ඇයගේ 46 හැවිරිදි මව ඇතුළු තිදෙනෙකි.
රුසියාව විසින් කියෙව් ප්‍රදේශය වෙත ඩ්‍රෝන ප්‍රහාර 101ක් පමණ එල්ල කර ඇති අතර ඉන් 90ක් පමණ විනාශ කිරීමට යුක්‍රේන හමුදා විසින් සමත් වී ඇති බව ද වාර්තා වේ.