2026 ජූලි 31 සිකුරාදා, 21:10
නවතම පුවත්

“අර්චුනා දිගටම වැඩවලට බාධා කළොත් අල්ලලා පොලිසියට බාරදෙනවා” – යාපනය රෝහලේ අධ්‍යක්ෂ

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූනා නැවත රෝහලට පැමිණ එහි මෙහෙයුම්වලට බාධා කළහොත් ඔහු අල්ලා යාපනය පොලිසියට භාරදෙන බවයි.

වෛද්‍ය සත්‍යමූර්ති මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා පසුගියදා රෝහලට පැමිණීමෙන් එහි දෛනික කටයුතුවලට බාධා එල්ල වූ බවට යාපනය පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

වැඩිදුර තොරතුරු සපයමින් වෛද්‍ය සත්‍යමූර්ති පැහැදිලි කළේ, යාපනය ශික්ෂණ රෝහලට දිනකට රෝගීන් 2,000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවත්, නිසි අධීක්ෂණයක් අත්‍යවශ්‍ය වන බවත්ය.

මන්ත්‍රීවරයා හදිසියේ රෝහලට පැමිණ අනවසරයෙන් තමා හමුවීමට උත්සාහ කළ බවත්, එමඟින් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

කතාබහ අතරතුරදී මන්ත්‍රීවරයා “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස අවධාරණය කර තිබේ.

වෛද්‍ය සත්‍යමූර්ති එය ප්‍රතික්‍ෂේප කර ඒ වෙනුවට “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” යනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි බව පැවසූ විට මන්ත්‍රීවරයා ඔහුට බැනවැදී ඔහුව ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට කැඳවා රෝහල් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට තර්ජනය කර තිබේ.

මන්ත්‍රීවරයා මෙලෙස දිගින් දිගටම රෝහල් කටයුතුවලට බාධා කළහොත් රෝහලේ ආරක්ෂක නිලධාරීන් හරහා යාපනය පොලිසියට භාරදීමට පියවර ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories