2026 මැයි 08 සිකුරාදා, 20:52
නවතම පුවත්

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද අධිකරණයට

යුද හමුදාව විසින් නිකුත් කරන ලද ගිනිඅවියක් සංවිධානාත්මක අපරාධකරුවන් සන්තකයේ තිබී හමුවීමේ සිද්ධියකට අදාළව, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මිනීමැරුම් විමර්ශන අංශය විසින් ඊයේ (26) පස්වරුවේ හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ වසර කිහිපයක සිට ක්‍රියාත්මක වූ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙම සිද්ධියේ පසුබිම 2019 වසර දක්වා දිව යයි. එවකට මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, දේශපාලනඥයෙකුට අයත් ගිනිඅවියක් පිළිබඳ තොරතුරු අනාවරණය විය.
එම තොරතුරු මත වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් විය. පසුව කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එම ගිනිඅවිය ඩග්ලස් දේවානන්දා මහතාගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව විසින් නිල වශයෙන් නිකුත් කරන ලද්දක් බවයි.

රජය විසින් නීත්‍යානුකූලව නිකුත් කරන ලද ගිනිඅවියක්, අතිශය භයානක අපරාධකරුවෙකු සන්තකයට පත්වීම සහ එය වැලිවේරිය ප්‍රදේශයේ සඟවා තිබීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත. රජයේ අවියක් අවභාවිත කිරීම හෝ අපරාධකරුවන්ට උපකාර කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී විමර්ශන අංශවල දැඩි අවධානය යොමු වී තිබේ.

අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන ඩග්ලස් දේවානන්දා මහතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් හෝ ඇප ලබා දීමක් පිළිබඳව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය තවදුරටත් සාක්ෂි විමසමින් පවතී.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories