2026 අගෝස්තු 01 සෙනසුරාදා, 19:50
නවතම පුවත්

එංගලන්තයේ රජකම බාරගන්න විලියම්-කේට් සූදානම්ලු

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය බ්‍රිතාන්‍ය රජු සහ රැජිණ ලෙස අනාගත භූමිකාවන් භාරගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

එම කටයුතු පෙර සූදානම් කර තිබුණාට වඩා කඩිනමින් සිදුකෙරෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල තුන්වැනි චාල්ස් රජුගේ සෞඛ්‍ය ගැටළු හේතුවෙන් මෙම වසරේදී ඔහු අභියෝග රැසකට මුහුණ දී සිටියි.

එමෙන්ම බ්‍රිතාන්‍ය රජ කිරුළේ මීළග හිමිකරු වන වේල්සයේ කුමරු ලෙස නම්දරා සිටින විලියම් කුමරු සහ වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් ද මෙම වසරේදී මුහුණ දුන්නේ අභියෝගාත්මක කාලවකවානුවක ය.

විශේෂයෙන් 42හැවිරිදි වියේ පසුවන කේට් මිඩ්ල්ටන් මෙම වසර මුලදී පිළිකා ‍රෝගී තත්ත්වයක් සඳහා සිය ප්‍රතිකාර ආරම්භ කළාය.

ජනවාරි මාසයේ නියමිත උදර ශල්‍යකර්මයේදී ඇයගේ රෝග විනිශ්චය කිරීමෙන් පසුව, ඇය වසරේ වැඩි කාලයක් විවේකයෙන් කාලය ගත කළ අතර, ඒ හමුවේ විලියම් කුමරු ද පවුලේ කටයුතු හේතුවෙන් ඔහුගේ පොදු කටයුතු අඩුකළේය.

කේට් කුමරිය දැන් සුවය ලබමින් සිටීම හේතුවෙන් මෙම යුවළ ක්‍රමයෙන් ඔවුන්ගේ පොදු රාජකාරි ආරම්භ කර ඇත.

රාජකීය චරිතාපදාන රචකයකු වන Sally Bedell Smith ට අනුව, මෙයින් අදහස් කළේ විලියම් අවසානයේ සිහසුනට පත්වීම සඳහා වන සූදානම වේගවත් කිරීමයි.

“රජතුමා සාමාන්‍ය අධිෂ්ඨානයෙන් තම රාජකාරිය කරගෙන ගියත්, පිළිකා ප්‍රතිකාරයේදී ඔහුට සීමාවන් පිළිගැනීමට සිදුවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, විලියම් වැඩි වගකීම් භාරගෙන ඇති අතර, ඔහු සහ කේට් ඔවුන්ගේ අනාගත භූමිකාවන් සඳහා ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් සූදානම් වෙමින් සිටිති”බෙඩෙල් ස්මිත් පීපල්ස් සඟරාව වෙත තොරතුරු ලබා දී තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් චාල්ස් රජු සිය වැඩිමහල් පුත්‍රයා වන විලියම් කුමරු ප්‍රධාන සිදුවීම් වලදී රාජාණ්ඩුව නියෝජනය කිරීමට පොළඹවා ඇත.

ඒ අනුව ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් දෙසැම්බර් 7 වන දින පැරිසියේ නෝත්‍රදාම ආසන දෙව්මැදුර නැවත විවෘත කිරීමේ උත්සවය සඳහා ද බ්‍රිතාන්‍ය රජු නියෝජනය කරමින් සහභාගී වී සිටියේ විලියම් කුමරු වීම විශේෂත්වයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories