2026 ජූලි 29 බදාදා, 09:53
නවතම පුවත්

ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයට බලෙන් පිරිසක් කඩා පනී

හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට ඊයේ දින රාත්‍රියේ බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් රැකවල් යටතේ ඡන්දය ගණනය කිරිමට එම ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරින්ට සිදුව ඇති බව වාර්තා වේ.

හැටන් දික්ඔය නගර සභාවට සභිකයින් පත්කර ගැනීමට හැටන් අංක 04 ගාමිණිපුර කොට්ටාශයේ (06) දින ඡන්ද දායකයින් 1407 දෙනෙකු ඡන්දය ප්‍රකාශකර ඇති බවත්, එය ගණනය කිරිමේදි ඡන්ද පත්‍රිකා 1404 ක් පමණක් තිබූ බවත්, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා තුනක් අඩු වීම නිසා තමන්ට අසාධාරනයක් සිදු වී ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයෙකු සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු එම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුලු වී ඇත.

එහිදි ඔවුන් ඡන්දය ගණනය කිරිම නතර කර නැවත එම කොට්ටාශය තුල ඡන්දය පවත්වන ලෙස ඡන්ද මධ්‍යස්ථාන භාර නිළධාරින්ට තර්ජනය කිරිම හමුවේ හැටන් පොලිසියේ නිළධාරින් එම ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට ඇතුලු වූ පිරිස ඉවත් කර එම මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමෙන් අනතුරුව ඡන්දය ගණනය කිරිමේ කටයුතු ආරම්භ ‍යලි ආරම්භ වී ඇත.

එම ඡන්ද මධ්‍යස්ථානය නිකුත් කල ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ඡන්ද 463 ක් ලබා සභිකයින් දෙදෙනෙකු එම කොට්ටාශයෙන් තේරිපත්ව ඇත.

එමෙන්ම එම කොට්ටාශයෙන් සමගි ජන බලවේගය ඡන්ද 400ක්ද, ලංකා කම්කරු කොංග්‍රසය ඡන්ද 249ක්ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 79ක් සහ තවත් පක්ෂ කිහිපයක් ඡන්ද 180ක් ලබා ගෙන තිබුණි.

ඡන්දය ගණනය කර ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව එම ඡන්ද මධ්‍යස්ථාන භාර නිළධාරියා සහ කාර්යමණ්ඩලය හැටන් පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවීමටද පියවර ගෙන තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories