2026 ජූලි 29 බදාදා, 06:54
නවතම පුවත්

චෝදනා වලට සුදුසු අවස්ථාවේදී කරුණු කියන්නම් – කතානායක

තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී කරුණු දක්වන බව කතානායක අශෝක රන්වල ප්‍රකාශ කර ඇත.

ජනමාධ්‍ය විසින් කරන ලද විමසීමකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදීද, කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට කතානායකවරයා නුදුරු දිනයකදී පිළිතුරු ලබාදෙනු ඇති බවයි.

පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රන්වලට ඇතැයි කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව ඇති අතර, ඔහු සත්‍ය වශයෙන්ම ආචාර්ය උපාධියක් දරයිද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස විපක්ෂයේ පාර්ශව ඉල්ලා සිටියි.

එක්සත් ජාතික පක්ෂයද ඊයේ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

මෙම කාරණය සම්බන්ධයෙන් වර්ධනය වන මහජන සැකය පැහැදිලි කර එය දුරු කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

මහමැතිවරණයට තරග කිරීමට පෙර ඔහුගේ හැඳින්වීම්වල කතානායකවරයා ‘ආචාර්ය’ යන වචනය සිය නම සමග භාවිතා කළ බව වාර්තා වේ.

ඔහු කතානායකවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඔහුගේ නම ආචාර්ය අශෝක රන්වල ලෙස සටහන් විය.

කෙසේවෙතත්, කතානායකවරයාගේ ආචාර්ය උපාධියක් නීත්‍යානුකූලව ප්‍රදානය කර තිබේද නැතහොත් පිළිගෙන තිබේද යන්න පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනෙකුත් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිරීමත් සමඟ මෙම ප්‍රශ්නය අවධානයට ලක්විය.

මේ අතරතුර, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ නම ඉදිරියේ පැවති ‘අචාර්ය’ කොටස ඉවත් කිරීමත් සමග මෙම සැකය තීව්‍ර වී තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories