2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 07:51
නවතම පුවත්

ලෝකෙන්ම දහවැනි තැනට ශ්‍රී ලංකා කනිෂ්ඨයෝ

පේරු රාජ්‍යයේ ලීමාහිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 4×100 පිරිමි සහාය දිවීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.

මෙරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේදී මෙහි මූලික වටයේ තරග පැවැත්විණි.

එහි දෙවැනි මූලික තරගය (Heat 2) යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණි.

එහිදී ඔවුන් තත්. 40.14කින් තරගය අවසන් කර එම වටයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.

කෙසේ නමුත් මෙහි තරග නීතිය අනුව මූලික වට 04කින් සමන්විත මෙම තරග ඉසව්වේ, අවසන් තරගයට ඍජුවේ සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවන්නේ සෑම මූලික තරගයකම ප්‍රථම ස්ථාන හිමිකරගත් කණ්ඩායම් 4ට පමණි.

එමෙන්ම ඉතිරි කණ්ඩායම් 4 තෝරාගනු ලබන්නේ සියලු මූලික තරග අවසන් වීමෙන් පසුවය. 

සියලු වට අවසන් වද්දී හොඳම කාලය වාර්තාකළ කණ්ඩායම් සඳහා එම අවස්ථාව හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව දැක්වූ කාලය අනුව ඔවුන්ට හිමි වූයේ රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකින් 10වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මලිත් තමෙල්, දිනෙත් ඉඳුවර, ඉදුසර විදුශාන් හා මෙරෝන් විජේසිංහ යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.
 

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories