2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:29
නවතම පුවත්

ඉන්දීය ගුවන් අනතුරට හේතුව මූලික වාර්තාවෙන් හෙළි වෙයි. කළු පෙට්ටියේ සියල්ල සටහන්

පසුගිය ජූනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද්හිදී පුද්ගලයන් 260 දෙනෙකුගේ ජීවිත බිලිගත් බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රිය වීම බවට මූලික විමර්ශන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ලන්ඩන් බලා පිටත්වීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලක් මතට කඩා වැටී අනතුරට ලක්විය. මෙම අනතුරෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය.

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විචයේ සිදුවූ අනපේක්ෂිත චලනයක් හේතුවෙන් එන්ජින්වලට ඉන්ධන සැපයීම අඩාල වී ඇත. අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව ගුවන් යානයේ ‘කළු පෙට්ටියේ’ (Black Box) පටිගත දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ, ගුවන් යානය නෝට් 180 (180 knots) වේගයකට ළඟා වී ඇති අවස්ථාවේදී, “තත්පර 1ක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු වන විට” එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් චලනය වී ඇති බවයි.

පටිගත දත්ත අනුව, එක් නියමුවෙකු අනෙක් නියමුවාගෙන් “RUN සිට CUTOFF” ලෙසට මාරු කළේ ඇයි දැයි විමසා ඇති අතර, අනෙක් නියමුවා තමා එසේ නොකළ බවට පිළිතුරු දී තිබේ. ඒ හේතුවෙන් අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට හරවන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ සඳහන් වේ.

මෙම පාලන ස්විචයන් ස්වයංක්‍රීයව ක්‍රියා නොකරන අතර, ඒවා ගුවන් නියමුවන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයකි. ගුවන් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙවැනි ඉන්ධන ස්විචයක් අක්‍රිය වීම ‘අතිශය දුර්ලභ’ අවස්ථාවක් බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories