2026 ජූලි 29 බදාදා, 11:08
නවතම පුවත්

30% බද්ද ඇඟලුම් ක්ෂේත්‍රයට තර්ජනයක්

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30% ක අන්‍යොන්‍ය තීරු බද්ද එලෙසම පැවතියහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අනතුරකට මුහුණ දෙනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අනතුරු අඟවයි. මෙම තත්ත්වය ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවකයින්ට සෘජුවම බලපාන බැවින්, මෙම තීරු බදු ප්‍රතිශතය වෙනස් කර ගැනීමට රජය කඩිනමින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දෙන්නේ, ඇමරිකානු ගැනුම්කරුවන් අඩු තීරු බදු සහන ලැබූ අනෙකුත් රටවල් වෙත යොමුවීමේ අවදානමක් පවතින බවයි. දැනට බංග්ලාදේශයට 35% ක තීරු බද්දක් පනවා තිබුණද, ඔවුන් මේ වන විට එය අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබේ. එසේම, වියට්නාමයට 20% ක තීරු බද්දක් පනවා ඇති අතර, කාම්බෝජය ද තම බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට උත්සාහ දරමින් සිටී. ඉන්දියාවේ තත්ත්වය වෙනස් නොවුණත්, ශ්‍රී ලංකාවට වඩා වැඩි වාසියක් ඔවුන්ට හිමිවන බව මීට පෙර වාර්තා විය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් වැඩි ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත සිදු කෙරේ. ඒ අනුව, මෙම 30% ක අන්‍යොන්‍ය තීරු බද්ද කලාපයේ අනෙකුත් ඇඟලුම් අපනයනකරුවන් සමඟ ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වයට සෘජුවම බලපාන බව සංසදය පවසයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය බලාපොරොත්තු වන්නේ, අගෝස්තු මස පළමුවැනිදාට පෙර රජය විසින් මෙම බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට සාර්ථක උත්සාහයක් දරනු ඇති බවයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට සෘජුවම බලපාන බැවින්, කඩිනම් විසඳුමක් අත්‍යවශ්‍ය වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories