2026 මැයි 09 සෙනසුරාදා, 10:13
නවතම පුවත්

මතීෂ ගැන චෙන්නායි තීරණයක් ගනියි

2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්‍රීඩකයන් නිවේදනය කර තිබේ.
ඒ අනුව මෑත කාලය තුළ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන තරගාවලියේ දී තම සංචිතයෙන් නිදහස් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.
පසුගිය වසරේ දී ඔහු ඉන්දීය රුපියල් කෝටි 13කට රඳවා ගෙන තිබුණි.
2023 වසරේ දී චෙන්නායි නියෝජනය කරමින් මංගල IPL තරගාවලියට සහභාගි වූ මතීෂ, සිය කුළුදුල් තරගාවලියේදීම ජයග්‍රාහී කණ්ඩායමක සමාජිකයෙකු බවට පත්විය.
එවර ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් තරග 12කදී කඩුලු 19ක් දවාගැනීමට සමත් වූ අතර, මේ වනවිට තරග 32කදී කඩුලු 47ක් බිඳහෙළා සිටියි

මතීෂ සම්බන්ධයෙන් ඉහළ උනන්දුවකින් කටයුතු කළ එවකට නායක මහේන්ද්‍ර සිං දෝනි පවා පවසා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මතීෂව ප්‍රවේශමෙන් යොදාගත යුතු බවය. එසේ වුවහොත් ඔහුට දිගු වෘත්තීය ගමනක් යා හැකි බවයි.
කෙසේ නමුත් චෙන්නායි කණ්ඩායමට මතීෂව අවශ්‍යනම් එළැඹෙන දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ ඒ සඳහා අවස්ථාව ඇත.
වෙන්දේසියට දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තුව ඉන්දීය වේලාවෙන් අද ප.ව. 3.00ට පෙර ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණි.

ඒ අනුව මතීෂට අමතරව නවසීලන්ත ක්‍රීඩකයින් වන ඩෙවොන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර ඇතුළු ක්‍රීඩකයින් රැසක් නිදහස් කිරීමටද චෙන්නායි බලධාරීන් තීරණය කර ඇත

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories