2026 ජූලි 29 බදාදා, 06:50
නවතම පුවත්

කොටහේනේ සිසුවියට යුක්තිය ඉටුවෙයිද?

කොටහේන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් ගුරුවරයකු විසින් අපයෝජනය කිරීමෙන් අනතුරුව මානසික පීඩනය නිසා ඇය සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඊයේ (මැයි 08) කොළඹ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්විණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අවධානය යොමුවූ අතර එහිදී ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් ඊට දී තිබුණේ මෙවැනි පිළිතුරකි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අවධානය යොමුවිය.

සමගි ජන බලවේගය පා.ම. මනෝ ගනේෂන්,

“මේ කණ්ඩායම කලහකාරි නැහැ. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා. ඒ සර්ව අත්අඩංගුවට ගත්තත් නැවත ඇප දීලා තියෙනවා. පසුව ළමයව වෙන ඉස්කෝලෙකටත් මාරු කරලා.

සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ටියුෂන් සර් කෙනෙක් මේ ළමයට අපහාස කරලා තියෙනවා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා මේ ළමයා මෙහෙම කරගෙන තියෙනවා.

අපහාස කරපු ක්ලාස් එකේ අයිතිකාරයා ඕගොල්ලොන්ගේ පක්ෂේ උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවාද කියලා සැකයක් තියෙනවා”.

ඊට පිළිතුරු දුන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්,

“මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් jmo රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා මේ ගැන ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කරන්න කියලා.

පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ. ඒ නිසා නීතිය අනුවම කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා”.

ඊට ප්‍රතිචාර දැක් වූ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා,

“මම මේ ඇමතිතුමියගෙන් මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණේ නැහැ. මේ වගේ වෙලාවක එයාව ඇවිත් මුණගැහුණේ නෑ කියලා විහිළු සපයන්න එපා”.

අමාත්‍ය සරෝජා පෝල්රාජ්,

“උද්ඝෝෂණ කරන්න අයිතිය තියෙනවා. හැබැයි මේකට නීත්‍යානුකූලවම තමා යන්න ඕන.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories