2026 ජූලි 28 අඟහරුවාදා, 08:51
නවතම පුවත්

ISIS ව්‍යාප්තියට ආධාර දුන් සැකකරුවන් පහළොවක් සම්බන්ධව විමර්ශන

විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන ISIS (ඉස්ලාමීය රාජ්‍යය) මෙරට ව්‍යාප්ත කිරීමට ආධාර අනුබල දෙමින්, ඒ සඳහා මුල්‍ය ආධාර ලබා දුන් බවට සැක කෙරෙන පුද්ගලයන් 15 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ දැන්වීය.

ත්‍රස්ත හා මුල්‍ය විමර්ශන අංශ ස්ථානාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මෙම විමර්ශන කටයුතු සිදුකරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ, පැමිණිලි 15ක් ගොනු කරමිනි.

විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සැකකරුවන් පාස්කු ප්‍රහාරය එල්ල කළ සංවිධාන සාමාජිකයන් හට අන්තවාදී දේශන පැවැත්වීම ඇතුළු ISIS සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ආධාර අනුබල ලබාදීම සහ මූල්‍ය ආධාර සැපයීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බවය.

තවද, මෙම සැකකරුවන් අතරින් ඇතැම් පුද්ගලයන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැනටමත් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය. අල් කයිඩා සහ ISIS ත්‍රස්ත සංවිධානවල දේශනා වලට සහභාගිවීම හා ඒවාට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, මෙම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories