රටේ ජනාධිපතිවරණයක් අභියස ඇති විශේෂිත තත්ත්වයත් සමග කිසිඳු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බදු පිළිබඳ සොයා බැලීම සඳහා නොපැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.එම නිසා එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කළේ.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි කණ්ඩායමක් යම් ආයතනයකට පැමිණියහොත් ඔවුන්ගේ හැදුනුම්පත ඉල්ලා සිටින ලෙසයි.
එසේම කුමන නිලධාරියෙකු පැමිණියද ඔවුන්ට මුදල් භාර ගැනීමට කිසිදු අයිතියක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා , චෙක්පත් භාර ගැනීමද සිදු නොකරන බැවින් යම් අයෙකු දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යම් ගෙවීමක් කළ යුතුව ඇත්නම් එය අදාල බැංකු ශාකාව හරහා පමණක්ම සිදු කළ යුතු බව අවධාරණය කර සිටියා.
වංචනිකයන් පිරිසක් විසින් සිදුකරන , එවැනි සිද්ධින් කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති බවත් , ඒ සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානවලට වාර්තා කිරීමටත් , එම අයගේ ඡායාරූප හා දුරකථන සංවාද ආදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී එම වංචනියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු එහිදී අවධාරණය කළේ.