2026 ජූලි 31 සිකුරාදා, 02:06
නවතම පුවත්

නුවරින් හමුවූ සුඛෝපභෝගී වාහන කාගේද ?

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනෙක් බව කියන මහනුවර ප්‍රධාන පෙලේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසක තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ 1997 අංකයට ලැබුණු තොරතුරකට අනුව එම රථවාහන සොයාගත් බවත් එම නිවැසියන්ට එම වාහනවල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවත් ය. 

වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෝටර් රථ දෙක පොලීසිය භාරයට ගත් බව සඳහන් ය.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ බෑණා බව කියන ගයාන් සේරම් අද (21) නීතිඥවරයෙක් සමග බම්බලපිටිය පොලීසියට ගොස් පැමිණිල්ලක් කර තිබේ.

ඔහු පැවසුවේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කිරීමට පැමිණි බවය.
 
“මම රෝහිත අබේගුණවර්ධන මහතා ගේ බෑණා. මටයි මගේ බිරිඳගේ තාත්තටයි විරුද්ධව මඩ ප්‍රචාරයක් යනවා. ඒක නිවැරදි කරන්න පැමිණිල්ලක් දාන්නයි ආවේ. වාහන දෙකක් හම්බ වුණා. ඒ දෙකට මාවයි මගේ වයිෆ් ගේ තාත්තාවයි පටලවන්න හදනවා. මගේ පදිංචිය කොළඹ. මේක නුවරින් හම්බවෙච්ච එකක්.”

මේ අතර හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ තමා මෙයට සම්බන්ධ බවට ඔප්පු කළහොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වන බවයි.

“පැහැදිලි ලෙසම කියන්න ඕනේ රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නෑ කියලා. ඒක මම වගකීමෙන් කියන්නේ. යම් විදියකින් රෝහිත අබේගුණවර්ධන වන මම මේ වාහන සිද්ධියට සම්බන්ධ නම් මම මගේ දේශපාලනයෙන් අයින්වෙනවා. වගකීමෙන් කියන්නේ. මම දේශපාලනය කරලා තියෙන්නේ වංචාකරන්න හොරකම් කරන්න නෙමෙයි. ඒ නිසා අපි වගකීමකින් පැහැදිලිව කියනවා මේ වගේ දේවල් තියෙනවා නම් මේ වගේ ඇත්ත හොයලා ක්‍රියාකරන්න. දැන් කියනවා මේක බෑණාගේ අයියාගේ කියලා. දැන් කවුරුහරි බෑණාගේ අයියා කෙනෙක්ගේ නම් ඒ ඔවුන් මොකක් හෝ වරදක් කරලා තියෙනවානම් මම පළිද? මොකක්ද මගේ තියෙන සම්බන්ධය. මේ තියෙන්නේ මම ඉන්න නිවස. මේ ගෙදරට හැමදාම මිනිස්සු එනවා, යනවා, කෑම කනවා, මේ අපේ වාහන තියෙනවා ලියපදිංචි වාහන, හැබැයි එකක්වත් අපි එහෙම ඒවා පාවිච්චි කරලා නැහැ. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව මම කියන්න ඕනේ කවුරු හරි මගේ හිතවතෙක් වැරද්දක් කරත් රෝහිත අබේගුණවර්ධන පළි ද ? ඒ කියන්නේ අපි වගකියන්න ඕනේද වෙන කෙනෙක් වැරැද්දක් කළොත්. මම වරදක් කරලා තියෙනවා නම් බොහොම පැහැදිලිව මට චෝදනා කරන්න. මම වගකීමකින් කියනවා. මම මගේ දේශපාලන ජීවතයෙන් සමුගන්නවා. මම මගේ මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙනවා මේ සම්බන්ධයෙන් යම් තැනක හරි මගේ සම්බන්ධයක් තියෙනවා නම් ඔප්පු කරන්න. මම ඒක අභියෝග කරනවා. ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නම් ඔප්පු කරන්න. මම දේශපාලනයෙන් ඉල්ලා අස්වෙනවා. ඇයි මේක කරන්නේ?

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories