2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් නිදහස් කරන්න නීතිපති නියම කරයි!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ ව තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බවත්, ඔවුන් නිදහස් කළ හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇත.

පසුගිය ජනවාරි 27දා නීතිපතිවරයාගේ අත්සනින් යොමුකළ ලිපියක මේ බව සඳහන් වේ.

ඊට අදාළ ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මේ ලිපියේ ඇතුළත් කරුණු අදාළ නඩුව විභාග වන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර, අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ලිපිය ලැබී දින 14ක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස ද එම ලිපියේ දැක්වේ.

මෙසේ නිදහස් කළ හැකි බවට නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් ය.

යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම 2016 ජූලි 07 වැනි දින ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා වීරසිංහ ඉදිරියේදී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා විසින් හඳූනාගැනිණි. වික්‍රමතුංග ඝාතනයෙන් පසු නිහඬ ව සිටින ලෙස තරුජනය කිරීමට තමන් ව පැහැරගෙන යන ලද්දේ උදලාගම විසින් බවට එම රියදුරා අධිකරණයේදී පැවසීය.

හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ය.

ඝාතනයෙන් පසු ලසන්ත වික්‍රමතුංගගේ වැදගත් සටහන් රැසක් සහිත සටහන් පොත ඔහු භාරයට ගෙන තිබිණි.

නිදහස් කළ හැකි බව දැනුම් දී ඇති අනෙක් චූදිතයා වන්නේ එවකට ගල්කිස්ස ප්‍රදේශය බාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ය.

ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන්නේ ඔහුට ය.

කෙසේවෙතත් පසුව එම සටහන් පොතේ ඡායා පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයාගැනිණි.

එම සටහන් අතර අවස්ථා රැසකදී තමන් ලුහුබැඳ පැමිණි යතුරු පැදිවල අංක ද වූ බව එම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර තිබේ.(Times.lk)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories