2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:42
නවතම පුවත්

හිටපු මැති-ඇමතිවරුන්ට ගෙවූ වන්දි මුදල් අයකර ගැනීමට පෙත්සමක්

2022 මැයි 9 වැනිදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පහරදීමෙන් පසුව රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපළ ගිනිබත් වූ හිටපු මැති-ඇමතිවරුන් විසින් නීතිවිරෝධී ආකාරයට රජයෙන් ලබාගත් වන්දි මුදල් යළි අයකරගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක්, කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 13 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 17) නියෝග කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම නීතිඥවරයෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙය කැඳවන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, 2022 මැයි 9 වැනිදා අරගල භූමියට පහරදීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපළ විනාශ වූ හිටපු මැති-ඇමතිවරුන් ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි ලෙස රුපියල් බිලියන 1.22ක මුදලක් ගෙවා ඇති බව, ඉකුත් පෙබරවාරි 5 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

මෙහිදී මහජන මුදල් දැඩි ලෙස අවභාවිතාවකට ලක්වී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු, ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5ක් බවද පෙන්වා දෙයි. නිසි නීතිමය පටිපාටියට පරිබාහිරව මෙම ගෙවීම් සිදුකර ඇති බවත්, මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

එබැවින්, නීති විරෝධී ලෙස ගෙවා තිබෙන වන්දි යළි අයකරගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, දේපළ විනාශ වූ මැති-ඇමතිවරුන්ගේ දේපළ වෙනුවෙන් නිසි තක්සේරුවක් සිදුකොට නීත්‍යානුකූල ආකාරයෙන් වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories