2026 ජූලි 29 බදාදා, 03:24
නවතම පුවත්

කොන්ඩම් වලට බදු

දශක තුනකට වැඩි කාලයක් උපත් පාලන ක්‍රම සඳහා ලබා දී තිබූ බදු සහන ඉවත් කරමින්, අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි උපත් පාලන කොපු (Condoms) ඇතුළු අනෙකුත් උපත් පාලන ද්‍රව්‍ය සඳහා 13%ක විකුණුම් බද්දක් පැනවීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ශීඝ්‍රයෙන් පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ ජාතික සැලසුමේ කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

කලක් “එක් පවුලකට එක් දරුවෙක්” ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කරමින් ජනගහනය පාලනය කිරීමට උත්සාහ කළ චීනය, දැන් එහි අනෙක් පසට ගමන් කරමින් සිටිනවා.

මෙම නව බද්ද හරහා උපත් පාලන ද්‍රව්‍යවල මිල ඉහළ නංවා, ජනතාව දරුවන් ලැබීමට පොළඹවා ගැනීම රජයේ අපේක්ෂාව වුවද, එරට තරුණ පරපුරෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයක්.

කෙසේ වෙතත් චීනයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන RedNote හි පරිශීලකයින් සිය කෝපය පළ කර තිබෙනවා.

“අපිට දරුවන් හදාගන්න බැරි විතරක් නෙවෙයි, දැන් ලිංගිකව එක්වීමටවත් වත්කමක් නැති වෙනවා,” එක් පරිශීලකයෙකු උපහාසාත්මකව පවසා තිබෙනවා.

විස්කොන්සින්-මැඩිසන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ යි ෆුක්සියාන් (Yi Fuxian) පවසන්නේ මෙය රජය විසින් උපත් පාලන ද්‍රව්‍ය සාමාන්‍ය වෙළඳ භාණ්ඩ බවට පත්කිරීමේ උත්සාහයක් බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ මෙම බද්ද හේතුවෙන් උපත් පාලන කොපු භාවිතය අඩු විය හැකි බවයි.

එමගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STDs) ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතී.

නිල දත්ත වලට අනුව, 2024 වසරේදී පමණක් චීනයෙන් ගොනෝරියා රෝගීන් ලක්ෂයක් සහ සිපිලිස් රෝගීන් 6,70,000ක් වාර්තා වී තිබෙනවා .

තම ශරීරය සහ ලිංගික ජීවිතය පාලනය කිරීමට රජය දරන උත්සාහයට කාන්තාවන් ද සිය අකමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories