2026 ජූලි 29 බදාදා, 08:53
නවතම පුවත්

උපාලි අබේරත්න තොරතුරු කොමිසමින් ඉල්ලා අස්වේ

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මාර්තු 4 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇත.

එම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු ඉල්ලා අස්වීමට හේතුව අනාවරණ වී තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 12(1) වගන්තිය යටතේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමසාරිස්වරුන් හතරදෙනෙකුගෙන් සහ සභාපතිවරයකුගෙන් සමන්විත විය යුතුය.

කවුන්සිලය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නාමිකයකු ලෙස එක් කොමසාරිස්වරයකු ද, ‘ප්‍රකාශකයින්, කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවල කොමසාරිස්වරුන් දෙදෙනකු ද පිළිවෙළින් නාමිකයන් ලෙස නිර්දේශ කළ යුතුය.

ජනාධිපතිවරයාගේ ඉතිරි පත්වීම් දෙක කවුන්සිලයේ සාමාන්‍ය නිර්දේශය මත වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ රැස්වීම් සඳහා ගණපූරණය තුනක් වන අතර, ජනාධිපතිවරයා විසින් සභාපතිවරයා නම්කරනු ලැබේ.

නිශ්චිත හේතු මත කවුන්සිලයේ නිර්දේශය මත ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට යටත්ව, කොමසාරිස්වරුන් වසර පහක ධුර කාලයක් නියම කර ඇත.

දැනට එම කොමිසම සමන්විත වන්නේ නීතීඥ කිෂාලි පින්ටෝ-ජයවර්ධන (ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නම් කරන ලද), නීතීඥ ජගත් ලියනාරච්චි (සිවිල් සමාජ සංවිධානවල නම්කරන ලද) සහ හිටපු රාජ්‍ය සේවකයෙකු සහ වරෙක සහිරා විද්‍යාලයේ උප විදුහල්පති ඒ.එම්. නාහියාගෙනි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ කොමිසමේ සභාපතිවරයා ලෙසද උපාලි අබේරත්න කටයුතු කළ අතර, එම කොමිසමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විශාල ලෙස චෝදනා එල්ලවිය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories