2026 ජූලි 31 සිකුරාදා, 20:13
නවතම පුවත්

ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය, තහනම් කිරීමට සැලසුම්

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සූදානම් වන බව වාර්තා වේ. අධිකාරියේ සභාපති ශාන්ත රණවක මහතා පැවසුවේ, කලවම් පොල්තෙල් අලෙවිය වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයක් කඩිනමින් නිකුත් කරන බවත්ය.

මෙම තීරණය වසරක පමණ කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය. නිෂ්පාදකයන්ට මෙම නව තීරණයට අනුගත වීම සඳහා මාස අටක පමණ සහන කාලයක් ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ වනවිට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී පනවන බද්දට අමතරව, එය රට තුළ පිරිපහදු කිරීමෙන් පසු එකතුකළ අගය මත බදු මුදලක් අයකරනු ලබයි. පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන සමාගම් පහළොවක් පමණ සිටින අතර, ඉන් කර්මාන්තශාලා නවයක් පිරිපහදු කිරීම් සිදුකරයි. කෙසේ වෙතත්, කර්මාන්ත හිමියන් පෙන්වා දෙන්නේ, මෙලෙස අයකරනු ලබන බදු මුදල් අධික බැවින් දැනට ක්‍රියාත්මක වන්නේ කර්මාන්තශාලා නවයෙන් දෙකක් පමණක් බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා, පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය සම්බන්ධයෙන් මේ වනවිට කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories