2026 ජූලි 27 සඳුදා, 09:18
නවතම පුවත්

ග්‍රෙගරි වැව් පිටියේ කොටසක් මත්පැන් සාදයකින් විනාශ වෙයි

දීපාවලි නිමිත්තෙන් යෙදුණු සති අන්ත නිවාඩුව ඉලක්ක කරගනිමින් නුවරඑළිය ග්‍රෙගරි වැවේ හතරවන අදියරයේ සංවිධානය කර තිබුණු ප්‍රසිද්ධ එළිමහල් සමාජ සාදයක් (ඔක්තෝබර් 18) පැවැත්වූ භූමිය මුළුමනින්ම විනාශ වී ඇති බවට නුවරඑළියේ පරිසර සංවිධාන දැඩි කනස්සල්ල පළ කරයි.

නුවරඑළිය මහ නගර සභාවේ මහජන බදු මුදල්වලින් මිලියන ගණන් වියදම් කර සකස් කළ ග්‍රෙගරි වැවේ හතරවන අදියර පාරිසරික කලාපය මුළුමනින්ම විනාශ වී ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති. ඉතාම අලංකාර ලෙස පැවති තණතිල්ල පිහිටා තිබුණු ප්‍රදේශය බියර් ටින්, මධ්‍යසාර බෝතල්, ප්ලාස්ටික්, පොලිතින් සහ නොයෙකුත් අපද්‍රව්‍යවලින් පිරී මුළුමනින්ම විනාශ වී ඇති බව පරිසරවේදීන් පවසති.

කෝටි ගණනින් ලාභ උපයන මෙම සමාජ සාදය සඳහා නගර සභාව විනෝද බද්දක් පමණක් අය කර, කිසිදු අධීක්ෂණයකින් තොරව කොන්දේසි රහිතව නුවරඑළියේ පාරිසරික කලාප ලබා දීම තරයේ හෙළා දකින බවද ඔවුහු පවසති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මහ නගර සභාවේ වගකිවයුතු බලධාරීන් කීපදෙනෙකුගෙන් සිදු කළ විමසීමකදී, ඔවුන් කියා සිටියේ මහ නගර සභාව විනෝද බද්දක් අය කර මෙම ප්‍රදේශය අදාළ සාදය සඳහා ලබා දී ඇති බවයි.

මේ අතර, මෙම සාදයට සහභාගී වීමට පැමිණි වයස අවුරුදු 18 ත් 28 ත් අතර තරුණ තරුණියන් 50කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය වර්ග රැසක් සන්තකයේ තබා ගැනීමේ වරදට ඊයේ දින නුවරඑළිය හා කොත්මලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබීම ද විශේෂත්වයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories