2026 ජූලි 29 බදාදා, 14:55
නවතම පුවත්

ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර තිරසාර ආර්ථික ප්‍රතිසාධන ව්‍යාපෘතියක් සඳහා මිලියන 08ක ගිවිසුමක් !

ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම හරහා තිරසාර ආර්ථික ප්‍රතිසාධනයක් ගොඩනැගීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය හා යුරෝපා සංගමය අතර ප්‍රධාන ගිවිසුමක් අද (23) අත්සන් කරන ලදි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කළේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වන අතර, යුරෝපා සංගමය නියෝජනය කළේ ශ්‍රී ලංකාවේ තානාපතිනි Carmen Moreno මැතිනියය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යය සපයන්නේ යුරෝපා සංගමය වන අතර, ඒ සඳහා යුරෝ මිලියන 8ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය එක්වෙනුයි.

ආයුෂගත වූ පරිසර පද්ධති නැවත ප්‍රතිෂ්ඨාපනය, සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ඉඩම් පරිහරණය ප්‍රවර්ධනය කිරීම හරහා ජෛව විවිධත්වය සුරැකීමට ව්‍යාපෘතිය දායක වන අතර, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම මගින් පාරිසරික ආරක්ෂාවටත් මහජන සෞඛ්‍යයටත් මෙන්ම තිරසාර සංවර්ධනයටත් දායක වේ.

මෙම කටයුතු රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන ආර්ථික සහ පාරිසරික තිරසාරභාවය අතර සමතුලිතතාවය ගොඩනැගීමේ දැඩි අවශ්‍යතාවය සමඟ ගැලපේ.

අදාළ හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාව පරිසර හිතකාමී සහ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන්මග ශක්තිමත් කරන වැදගත් මොහොතක් ලෙසද සැලකේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories