2026 ජූලි 29 බදාදා, 06:29
නවතම පුවත්

මහ මැතිවරණයට ගම්පහ සුදානම්

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී, ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පවසයි.

මෙම මැතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින් 18,81,129 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවත් මින් මැතිවරණ රාජකාරී වෙනුවෙන් 14 වෙනි දින කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් 54,622 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවත් තේරීම් බාර නිලධාරී වරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1212 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙන අතර ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කිරීම වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය විද්‍යාලෝක විද්‍යාලය , නිට්‌ටඹුව සංඝබෝධි විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය යන පරිශ්‍ර හතරකදී සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථාන 194 කදී සහ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 30 කදී සිදු කෙරෙනු ඇත.

මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම 14 වෙනි දින මධ්‍යම රාත්‍රිය පමණ වන විටත් පළමු සාමාන්‍ය ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම පසුදා අලුයම වන විටත් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා සඳහන් කළේය.

දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරීන් සදහා නිලධාරීන් 25,000 ක් සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 4800 ක පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බවද තේරීම් බාර නිලධාරී ලලින්ද ගමගේ මහතා පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories