2026 ජූලි 31 සිකුරාදා, 01:56
නවතම පුවත්

ඩෙංගු , චිකන් ගුන්යා සීඝ්‍රයෙන් පැතිරෙයි දරුවන්ට ඉහළ අවදානමක්

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා , චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග බෝවිමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනුයේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවය.

ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇතැයිද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඩෙංගු මාරාන්තික බවත් චිකුන්ගන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවය.

එමෙන්ම ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේ වැඩි වීමක්ද මේ දිනවල දක්නට ලැබෙන බවත් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories