2026 ජූලි 31 සිකුරාදා, 09:52
නවතම පුවත්

ඉල්ලීම් නොලැබුණොත් සෞඛ්‍ය සමිති 10ක් සටනට

මේ මස 6 වන දා උදේ 08 සිට රට පුරා සියලු ම රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති නායකයෝ පැවසූහ.

අද දිනයේ ( 3) සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා සිදුකරන බව ත් සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සමිති සංවිධාන 20ක නියෝජිතයෝ පැවසූහ.

සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ දීමනා කප්පාදුව නිවැරැදි කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා ලබාදුන් කාලය අදින් අවසන් බව සෞඛ්‍ය සමිති සංවිධාන 20ක නියෝජිතයෝ ප්‍රකාශ කරති.

වෛද්‍යවරුන් ද මේ සටනට පන්නරය ලබා දෙන බව ද ඒ මහතා කීය.

නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය, ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්හි ක්‍රියාත්මක නොවන බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය ප්‍රකාශ කරයි.

නලින්ද ජයතිස්ස හෙදියකගේ වැටුප පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රවි කුමුදේශ් පැවසීය.

හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය වශයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පළමු වැටුප් තල දහයට ගෙන ඒමේදී, පළමු වැටුප් තල දහය අතර රැඳී සිටි සෞඛ්‍ය වෘත්තීයවේදීන් පහළට ඇද දමලා යැයි ද ඔහු කීය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාළව ක්‍රියාත්මක බරපතළ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අයවැයෙන් කිසිදු උත්සාහයක් සිදුකර නොමැති බවද ඔහු කීය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඉලක්ක කරගනිමින් නිවැරැදි කළ යුතුව තිබෙන බරපතළ වැටුප් විෂමතාව එසේම තිබියදී, ඔවුනට ලබාදී ඇති දීමනා කප්පාදු කිරීම බරපතළ බව ද රවි කුමුදේශ් පැවසීය.

එම ගැටලුව විසඳීම පසෙක තබා සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී බොරු සංඛ්‍යාලේඛන පෙන්වමින් මහ ජනතාව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව උසිගැන්වීමට උත්සාහ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගැටලුවට විසඳුම් සෙවීමට සෞඛ්‍ය ඇමතිවරයාට ඇති වුවමනාවට වඩා එය තේරුම් නොගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කණගාටුවෙන් දැනුම් දෙන බව ද රවි කුමුදේශ් පැවසීය.

උදේනී දහනායක, දේවිකා සෙව්වන්දි, උපුල් රෝහණ, චානක ධර්මවික්‍රම ආදී කිහිප දෙනෙක් ද මෙහිදී අදහස් දැක්වූහ.

අයවැය යෝජනාවල සඳහන් පරිදි වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ වෛද්‍ය වෘත්තිකයන් සිය රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී එම ගැටලු පිළිබඳ සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡාවේදී ගැටලු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

ජනාධිපතිවරයා අයවැය යෝජනාව සහ වෛද්‍යවරුන් විසින් මතුකරන ලද ගැටලු සමාලෝචනය කිරීමට තවත් කල් ඉල්ලා සිටි බව ද හෙතෙම කීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories